ඕලුමුවෙකු ඝාතනය කර මස් කළ අපරාධකරුට වැඩ වරදී

රිටිගල වන සත්ව අඩවි ආරක්ෂක බී. එම්. පී. විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් රිටිගල හා මොරගොඩ වනජීවි කාර්යාල වල නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදී, දැඩි ආරක්ෂිත සත්ත්වයකු ලෙස හැඳින්වෙන ඕලුමුවෙකු ඝාතනයකර මස් සඳහා සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රිටිගල ආසිරි ගම ප්‍රදේශයේ දී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් ගනු ලැබුවේ 31 වියැති පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ ශීතකරණයේ සඟවා තිබී මස් කිලෝ ග්‍රෑම් 3 ක් පමණ වන ජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සත්ත්වයාගේ වලිගය මුළුතැන්ගෙයි තිබී සොයාගෙන ඇත.
මෙම මුවාව ඝාතනය කිරීමට යොදා ගෙන ඇත්තේ පොරවක් බවත්, දඩයම් බල්ලන් යොදාගනිමින් මුවා පසුපස පන්නාගෙන ගොස් සත්වයා ගේ හිසට පොරවෙන් පහර දී ඇති බවත් සැකකරු පාපොච්චාරණය කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් පී. එම්. ගහලි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.
209 Views
Comments