සිසිල් බීම ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

සිසිල් බීම ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ

සිසිල් බීම ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ

 

කඩුවෙල සිට හැටන් දක්වා සිසිල් බිම ප්‍රවාහනය කල ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

 

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.

 

ධාවනය වෙමින් තිබු ලොරි රථයේ රියදුරාට නින්ද යාම නිසා ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

 

අනතුරෙන් ලොරි රථයට සහ ප්‍රවාහනය කරමින් තිබු සිසිල් බිම බෝතල් වලට  දැඩි අලාභ හානි සිදු වි තිබුණි.

views

200 Views

Comments

arrow-up