යාචකයන් සොයා විශේෂ මෙහෙයුමක්

මාර්ගවල, ආලෝක සංඥා පුවරු අසල සහ පූජනීය ස්ථාන අසළ ගැවසෙමින් සිඟමනේ යෙදෙන පිරිස් සොයා ඊයේ (25) පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.
කිරුළපන, නාරාහේන්පිට, රාජගිරිය, බොරැල්ල, බත්තරමුල්ල සහ දියන උයන යන ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
මෙසේ සිඟමන් යදින පිරිස් විවිධ නීති විරෝධී ක්‍රියාවලට දායක වන බවට තොරතුරු වාර්තා වීම නිසා පොලීසිය හා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය මෙම මෙහෙයුම දියත් කර තිබුණි.
කුඩා දරුවන් ඇතුළු පාසල් යන වයසේ දරුවන් යොදාගනිමින් මහමඟ අනාරක්ෂිතව සිඟමනේ යෙදෙන පිරිස් සොයා නිලධාරීන් භාරයට ගෙන තිබුණි.
වැටලීම අතරතුර බොහෝ පිරිසක් පලා ගිය ද මෙහෙයුම අවසන් වන විට ළමුන් 05 දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු සිය භාරයට ගැනීමට නිලධාරීන් සමත් විය.
එහි දී හෙළි වූයේ මෙලෙස සිඟමනේ යෙදෙන බොහෝ පිරිස් යාචකයන් නොවන අතර මුදල් උපයා ගැනීම සඳහා දරුවන් භාවිතා කරන බවයි.
මෙහෙයුමේ දී පොලිස් භාරයට ගැනුණු ළමුන් පරිවාස භාරයට යොමු කෙරුණු අතර කාන්තාවන් දෙදෙනා අද (26) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
270 Views
Comments