ලොව පුරා ඔමික්‍රෝන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

ලොව පුරා ඔමික්‍රෝන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වෙයි

ලොව පුරා ඔමික්‍රෝන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වෙයි

ඔමික්‍රෝන් නව කොවිඩ් 19 ප්‍රභේදය රටවල් රැසකින් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 77කින් හඳුනාගෙන ඇති බව එම සංවිධානය පවසා ඇත.

 

නව ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

 

එම වෛරස ප්‍රභේදය සම්බන්ධව අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

එන්නත්කරණය අඩු වශයෙන් සිදුකිරීම හේතුවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාමේ වැඩිවීමක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

 

පසුගිය නොවැම්බර් මාසයේදී ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගෙන තිබුණි.

views

737 Views

Comments

arrow-up