සිරිල් ගාමිණී පියතුමන් අදත් cid කැඳවයි

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද උදෑසන 9.30ට සිරිල් ගාමිණි පියතුමන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීන ලෙස දැනුම් දුන් බවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා දන්නා තොරතුරු ලබාදීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
666 Views
Comments