ගල්කිස්සේ නිවසක් තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලයි - සුරූපිනියන් ඇතුළු 6ක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

ගල්කිස්සේ නිවසක් තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලයි - සුරූපිනියන් ඇතුළු 6ක් දැලේ

ගල්කිස්සේ නිවසක් තුළ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලයි - සුරූපිනියන් ඇතුළු 6ක් දැලේ

සම්බාහන ආයතනයක් ලෙස ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සේවය සැපයීමට සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන්  ඉතාමත් සුරූපි වයස අවුරුදු 26,28,28,33 හි පසුවන්නන් වන බවයි වාර්තා වන්නේ.

 

කාන්තාවන් සිව්දෙනාට අමතරව එහි කළමනාකරු සහ සහයකයෙකුද  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

රු.3,500ක් ගෙවා සම්බාහනය මුවාවෙන් ගණුදෙනුකරුවන් නිවස තුලටගෙන යන අතර ඉන්පසුව අවශ්‍ය කාන්තාවන් රු. 3,500 සිට 15,000 දක්වා අතර මුදලකට මිලදී ගත හැකියි.

 

මෙම ස්ථානයට ප්‍රභූන් ඇතුළු ධනවත් බොහෝ අය පැමිණෙන බවයි වාර්තා වන්නේ.

 

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

 

 

views

1446 Views

Comments

arrow-up