කැලණි රජමහා විහාර දායක සභාවේ සභාපති තනතුරින් අගමැති ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

කැලණි රජමහා විහාර දායක සභාවේ සභාපති තනතුරින් අගමැති ඉල්ලා අස්වෙයි

කැලණි රජමහා විහාර දායක සභාවේ සභාපති තනතුරින් අගමැති ඉල්ලා අස්වෙයි

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

 

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ඊයේ (සැප්තැම්බර් 01 ) දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවූ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. 

 

ඒ ඊයේ පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුව බව දැක්වෙයි.

 

මෙම ප්‍රවෘත්තිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැන ගැනීමට ලැබුණේ ඔහු ඊයේ සවස තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරයි. 

 

මේ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියාකරන බවයි.

 

එසේ වුවද, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සම්බන්ධයෙන් දායක සභාවේ සාමාජිකයන් විසින් එල්ල කර ඇති චෝදනා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව විසින් කටයුතු කළ යුතු බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

views

566 Views

Comments

arrow-up