පොලු හා මිටි පහරදී පියාව අවසන් ගමන් යැවූ අජාසත් පුතා අත්අඩංගුවට

තණමල්විල බෝදාගම ප්‍රදේශයේ දී හැට හැවිරිදි දෙදරු පියකු සිය විසිපස් හැවිරිදි පුතා විසින් ඊයේ (10) අලුයම පොල්ලකින් හා මිටියකින් පහරදී ඝාතනය කර ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ තණමල්විල බෝදාගම පදිංචි 60 හැවිරිදි එච්.ඒ. ජයසේන නමැති දෙදරු පියෙකි.
සැකකාර පුත්‍රයා විසින් අලුයම එකයි තිහට පමණ පොල්ලකින් හා මිටියකින් පහරදී නිවස තුළදීම සිය පියා ඝාතනය කර තිබේ.
ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම ඝාතනයට සැකපිට මරණකරුගේ 25 හැවිරිදි පුත්‍රයා තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වැල්වාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
163 Views
Comments