ජනතාවගේ හැසිරීමෙන් රට අනතුරේ

ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කරුණාකර ලබාදී ඇති සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කරන ලෙස අද (21) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
පළාත් සංචරණ සීමා පනවා ඇති මොහොතක බොහෝ පිරිස් සංචාරක ස්ථානවලට ගොස් ඇති අයුරු දක්නට ලැබුණු බවත්, ඔවුන් කිසිවෙක් අවම වශයෙන් මුඛ ආවරණයක් හෝ පැලඳ නොසිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
854 Views
Comments