තවත් 268 ක් - මෙරට කොවිඩ් ආසාදිතයන් 24,255ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 268 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 20 710 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 24 255 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6320 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 257 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17 817 දක්වා ඉහළ යනු ඇති.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 620 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 118 ක් වාර්තා වී තිබෙනවා.
580 Views
Comments