කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයෙකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ(09) සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නවගමුව පොලීසිය කියයි.

 

අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

විදෙස්ගතවී සිටින පාතාල ක්‍රියාකාරියකු වන කොරතොට "කයිවාරු මුතූ" නමැත්තා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් කිහිප වරක් කප්පම් ඉල්ලා ඇති බවත් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස තර්ජනය කරන්නට ඇති බවත් සැක කරන බව නවගමුව පොලීසියේ උසස් නිලධාරියකු පැවසීය.

 

මහරගම පමුණුව ප්‍රදේශය විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් හිමි බවද පොලීසිය සඳහන් කළේය.

views

255 Views

Comments

arrow-up