හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට නිදහස

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට නිදහස

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවා රජයට පාඩුවක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවලට අදාළව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද දින විභාග කෙරුණි.

 

එහිදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය තීන්දුව ලබා දුණි. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ  විසින් එම තීන්දුව ලබා දුන්නේය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින්  අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණි.

 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය මෙහිදී නිදහස් කරන ලෙසයි නියෝග කරන ලදී.

views

265 Views

Comments

arrow-up