FEB
09
ගෝඨාභය සල්ලි ඉල්ලයි, අධිකරණය බෑ කියයි

පසුගිය වසරේ ජූලි මාසයේ ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් විසින් සොයා ගන්නා ලද, තමාට අයත් රුපියල් ලක්ෂ 175 කට ආසන්න මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කියා සිටියේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ අල්ලස් පනත යටතේ මෙම මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද හැකියාවක් ඇති බවත් එසේ හෙයින් විධිමත් පරීක්ෂණයකින් තොරව මුදල් නිදහස් කිරීම අධිකරණයේ වගකීම පැහැර හැරීමක් බවත් ය.
167 Views
Comments