ලිට්රෝ සමාගම හෙට කෝප් කමිටුවට

ලිට්‍රෝ ගෑස් සමාගම හෙට(05) දිනයේ දී කෝප් කමිටුව හමුවට යෑමට නියමිතයි.
මේ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන දෙක හෙට කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා(06) දිනයේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාව කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
එසේම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද හෙට රැස්වීමට නියමිත අතර මීට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ද කැඳවා තිබෙන අතර රජයේ මුදල් කාරක සභාව ද හෙට රැස්වෙන අතර ඊට කැඳවා ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.
218 Views
Comments