JUN
27
ඉන්ධනහලක ඡායාරූප ගත් අයෙක්ට ගුටි

ඉන්ධන පිරවුම්හලක් අසල ඡායාරූප ගත් පුද්ගලයෙක්ට කඹුරුපිටියෙන් සමූපකාර සමිතියේ සභාපති පහරදී ඇති බව වාර්තා වනවා.
කඹුරුපිටියේ ඉන්ධන පිරවුම්හල පිටුපස ස්ථානයක කෑන්වලට ඉන්ධන බෙදා දීමේ සිද්ධියක් ඡායාරූප ගැනීමට යාමේදී අදාළ පුද්ගලයා මෙම පහර කෑමට ලක් වී තිබෙනවා.
මෙසේ පහරකෑමට ලක්වූ පුද්ගලයා ගුවන්තොටුපල රැකියාවේ නියුතු අයෙක්.
පහර කෑ පුද්ගලයා මේ වන විට කඹුරුපිටියේ ආදපාන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
266 Views
Comments