විමල් වීරවංශ - සජිත් ප්‍රේමදාස හවුලක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

විමල් වීරවංශ - සජිත් ප්‍රේමදාස හවුලක්

විමල් වීරවංශ - සජිත් ප්‍රේමදාස හවුලක්

මේ වනවිට මහජනතාවගේ මූලික විරෝධය එල්ල වී ඇති “ගෝඨාබය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුය” යන්න තිබියදී අගමැතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමේ විශ්වාසභංග යෝජනාවකට විමල් වීරවංහ, මෛත්‍රීපාල සිරිසේන, උදය ගම්මන්පිල සහ එම පක්ෂවල අනෙකුත් මන්ත්‍රීවරු පිරිස සජිත් ප්‍රේමදාස සමඟ හවුල්වී කටයුතු කිරිමට පූර්ණ එකඟතාවයකට පැමිණ තිබේ.

 

එම සාකච්ඡාව සඳහා සජිත ප්‍රේමදාස නියෝජනය කරමින් රංජිත් මද්දුමබණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එස්.එම් මරික්කාර් යන මන්ත්‍රීවරුද, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වේ.


පසුගිය 25වනදා දහවල් වනවිට මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් කර තිබෙන්නේ පූර්ණ එකඟතාවය සහිතවය. 

 

උදය ගම්මන්පිල පවසන්නේ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව මේ වනවිට මන්ත්‍රීවරු 120ක් සිටින බවයි.

views

668 Views

Comments

arrow-up