APR
19
ඔව් අපි වෙඩි තිබ්බා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

රඹුක්කන නගරයේ විරෝධතාවයේ නිරත පිරිසට වෙඩි තැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ත්‍රීරෝද රථයකට ගිනි තබා ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සහ කළ පිරිස විසුරුවා හැරීමට මෙලෙස වෙඩි තැබීමට පොලීසිය කටයුතු කළ බවයි.
වෙඩි තැබීමට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළ පසු විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ලකළ බව නිහාල් තල්දූව මහතා පවසනවා.
646 Views
Comments