අධිවේගී මාර්ගයේ යකඩ කැපූ දෙකක් මාට්ටු

හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශය හරහා යන අධිවේගී මාර්ගයේ දෙපස දැල සවි කිරීම සඳහා යොදා ඇති යකඩ බට කපා සොරකම් කළ බව කියන පුද්ගලයෙකු සහ එම බට මිලදී ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය සඳහන් කරයි.
අධිවේගී මාර්ගයට සම්බන්ධ තාක්ෂණ නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පැවසීය.
මාබිම හා ගෝනවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොදු දේපල පනත යටතේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
766 Views
Comments