කොරියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යැවීම කඩිනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

කොරියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යැවීම කඩිනම් කෙරේ

කොරියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යැවීම කඩිනම් කෙරේ

පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් තත්වය හේතුවෙන් ප්‍රමාද වූ කොරියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් යැවීමේ කටයුතු කඩිනම් කිරීම සදහා සියලු පියවර ගෙන ඇති බවයි.

 

 


අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ කොරියානු තානාපතිවරයා , ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීමට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් කොවිඩ් තත්වය නිසා එම කටයුතු ප්‍රමාද වී ඇති බවත්ය.

 

 


කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා අලුතින් ලැබීමට නියමිත බැවින් දැනට ධීවර , ඉදිකිරීම් හා කර්මාන්ත අංශ සදහා පමණක් ශ්‍රී ලාංකික සේවකයින් යොමු කරයි.

views

846 Views

Comments

arrow-up