තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගැසූ බලගොල්ලේ කට්ටඩියා පොලීසියට භාර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගැසූ බලගොල්ලේ කට්ටඩියා පොලීසියට භාර වෙයි

තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගැසූ බලගොල්ලේ කට්ටඩියා පොලීසියට භාර වෙයි

ෆෙස්බුක් ඔස්සේ අපහාස කළා යැයි උරණවී මහනුවර, බලගොල්ල ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට පහරදී ඇණ ගැසීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන 32 හැවිරිදි කට්ටඩියා අද(01) පස්වරුවේ පොලීසියට භාරවී තිබෙනවා.

 

මේ අතර බලගොල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පල්ලෙකැලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බවයි.

 

ඒ අනුව මේ වනවිට අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු පොලීස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

 

පොලීසිය සඳහන් කරන්නේ සිද්ධියට අදාළව කැබ්රථයක් ද පොලිස්භාරයට ගත් බවයි.

 

එහි තිබී අදාළ පුද්ගලයින්ට පහරදුන් කටු සහිත මුගුරක් ද හමුවූ බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

views

827 Views

Comments

arrow-up