NOV
18
හම්බන්තොටින් සිංහ පැටවු තිදෙනෙක්

හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබෙනවා.
ඊයේ පස්වරු 4.45ට පමණ පැටවුන්ගේ උපත සිදුවූ බව උද්‍යානය භාර නිලධාරියෙකු සදහන් කර ඇත.
එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවක් වන අතර පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙකු වේ.
ෂිනා නමැති මෙම සිංහ ධේනුව විසින් මීට පෙර සිංහ පැටවුන් සිව්දෙනෙකු බිහිකළ අතර, ඉන් එක් සිංහ පැටවෙකු 2017 වසරේදී සිංහ රෙජිමේන්තුවට පිරිනමා ඇත.
-ඇරණ පුවත්පතින්-
703 Views
Comments