MAR
31
ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන සතියේ

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20 ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසා සිටී.
මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොග බෙදාහැරීම ඊයේ (30) ආරම්භ කළ බවත්, මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා රුපියල් 35 ක මිලකට එම බිත්තර බෙදා හැරීමට පියවර ගත් බවත්, එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කර සිටී.
204 Views
Comments