“කොරෝනා හිල් හැමතැනම - භයානක තත්ත්වයක් අත ළඟයි”

කොවිඩ් 19 පරීක්ෂණ අකර්මණ්‍ය කරමින් අහඹු නියැදි පරීක්ෂණ නොකර රට තුළට ඇතුළුවන සංචාරකයින්ගේ සහ ගුවන් මගීන්ගේ පී. සී. ආර් පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීම තුළින් නැවත වරක් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
සමාජ ගතවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් පැහැදිළි ප්‍රකාශයක් නොකළද සමාජගත වූ වසංගතයකට රට මුහුණදී සිටින බවත් විද්‍යාත්මක ආවේක්ෂණක් නොමැතිව එය පාලනය කල නොහැකි බවත් රවී කුමුදේශ් මහතා පවසයි.
විද්‍යාත්මක පුරෝකථන සඳහා ඇති මාර්ග හිතාමතාම අහුරා දමා ඇතැම් විශේෂඥයින් තවත් රැළි ගැන පුරෝකථනයන් කරන බවත් කී ඒ මහතා තවත් රැල්ලක් ඇතිවුවහොත් එයට එවැනි නිලධාරීන් වගකිය යුතු බවද මහතා සඳහන් කර සිටියේය.
701 Views
Comments