SEP
05
අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මහව කඩවලේ ප්‍රදේශයේ කිසියම් පුද්ගලයෙකු විසින් යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 72 හැවිරිදි මහව ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.
මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලට යොමු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින අතර තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
846 Views
Comments