නීතිවිරෝධී තැන ගැන පොලිසියට ඔත්තුව දුන්නැයි උරණව 60 හැවිරිදි කතගේ ගෙල සිරකර මරන්න හදලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

නීතිවිරෝධී තැන ගැන පොලිසියට ඔත්තුව දුන්නැයි උරණව 60 හැවිරිදි කතගේ ගෙල සිරකර මරන්න හදලා

නීතිවිරෝධී තැන ගැන පොලිසියට ඔත්තුව දුන්නැයි උරණව 60 හැවිරිදි කතගේ ගෙල සිරකර මරන්න හදලා

මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මුදලට බූරු ගැසීමේ ස්ථානයක් පිළිබඳ පොලිසියට පැමිණිළි කළේ යැයි කියන සිදුවීක් මුල් කරගෙන බූරු පොළේ හිමිකරු මහ රෑ නිවසට පැන 60 හැවිරිදි කාන්තාවකගේ ගෙල සිරකර මරා දැමීමට දැරූ වෑයමක් පිළිබඳව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

 

කැපුම්ගොඩ සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචි පිලිෂියා මල්කාන්ති නමැති කාන්තාව විසින් පොලිස්පතිවරයාට ලිඛිතව කල පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය මත එකී විමර්ශන ආරම්භකර තිබේ. 

 

ධීවරයෙකු ලෙස පෙනී සිටින මොහු හුදෙකලාව ජීවත්වන අවිවාහක තමාගේ නිවසට කඩාපැන ගෙල සිරකර මරා දැමීමට දැරූ වෑයම අසල්වැසියකුගේ මැදිහත්වීමෙන් වැළකී ගිය බවත් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත බූරුපොළ වැටලීමට පියවර ගත්තද ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බවත් ප්‍රදේශයේ පොලිසියේ ආරක්ෂාව ඔහුට ලැබෙනා බවට සැකයක් මතුවී ඇති බවත් එම පැමිණිල්ලෙන් පෙන්වාදී ඇත. 

views

770 Views

Comments

arrow-up