NOV
16
ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
ඊයේ උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරිණි.
810 Views
Comments