ඊයේ දිනයේ ආසාදිතයන් හදුනා ගත් ප්‍රදේශ

දිස්ත්‍රික් 13 කින් ඊයේ දිනයේදී මෙරටින් කොවිඞ් ආසාධිතයන් වාර්තාවී ඇතැයි Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් වැඩිම පිරිස වන 213 කොළඹ දිස්ත්‍රික්කයෙන් වනවා.
ඒ අතරින්ද 143 දෙනෙකු කොළඹ මහ නගර සභා සීමාවෙන් වීම විශේෂත්වයක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාධිතයන් 183 දෙනෙකු සටහන්වී තිබුණා.
කුරුණෑගලින් ආසාධිතයන් 12 ක්,
ගාල්ලෙන් 09 ක්, කලුතරින් 06 ක්,
කෑගල්ලෙන් 04 ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් 03 ක් ලෙස ආසාධිතයන් සටහන්වූ බවයි Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
නුවරඑළියෙන් 02 දෙනෙකු හා බදුල්ල, මඩකලපුව, අම්පාර, මොණරාගල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලින් ඊයේ දිනයේදී එක් ආසාධිතයා බැගින් වාර්තා වී තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාධිතයන් 72 දෙනා මෙන්ම කිරුළපන පොලිසියට අනුයුක්ත පොලිස් නිළධාරියෙකුද ඊයේ හඳුනාගත් ආසාධිතයන් අතරට අයත්.
1206 Views
Comments