5000 ගන්න පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මරුට

රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08 වැනිදා) ඇදවැටී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඇටඹගහවත්ත, උතුරු කදිරාන පදිංචි උඩුගම කෝරාළලාගේ සෝමාවතී නමැති හැටදෙහැවිරිදි කාන්තාවකි.
මෙම මරණය ගැන මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කටාන පොලිසියට නියෝග කරන ලදී.
මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මෙම මරණය පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂණයක් කරන ලෙස නියම කළේය.
5967 Views
Comments