මැලේරියාව ගැන අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

මැලේරියාව ගැන අනතුරු ඇඟවීමක්

මැලේරියාව ගැන අනතුරු ඇඟවීමක්

2016 වසරේදී මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කළ නමුත් යළි මැලේරියාව හිස ඔසවමින් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවයි.

 

වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 20 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති අතර ඒ අතරට විදේශිකයින් තිදෙනෙකුද අයත් වෙයි.

 

අනෙක් 17දෙනා ශ්‍රි ලාංකිකයින් වන අතර, ඔවුන් රුවන්ඩාව, දකුණු සුඩානය, උගන්ඩාව, ටැන්සානියාව, සියරාලියෝන් හා ගිනියාව ආදී රටවල් වල සංචාරය කර පැමිණි අය ලෙස හඳුනාගෙන තිබේ.

 

මැලේරියා රෝගය පිළිබඳ ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පැය 24 පුරා දැනුවත් වීමට 071 2841767 සහ 011 7626626 දුරකථන අංකවලට අමතන ලෙසත් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම්දෙයි.

views

254 Views

Comments

arrow-up