නීතිපති ,පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවක් ජනපති ලේකම්ගෙන් ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදුන් පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපතක් තමා වෙත ද ලබාදෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන විමර්ශන වාර්තා සහ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එහි විත්තිකරුවන්ට එරෙහිව අධිකරණ හමුවේ චෝදනා ගොනුකර නඩු පැවරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළා
712 Views
Comments