වැඩිමහල් පුතාගේ වියෝව නිසා සිත් තැවුලෙන් සිටි විශ්‍රාමික ගුරුවරිය ජීවිතය ගැන ගත් තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

වැඩිමහල් පුතාගේ වියෝව නිසා සිත් තැවුලෙන් සිටි විශ්‍රාමික ගුරුවරිය ජීවිතය ගැන ගත් තීරණය

වැඩිමහල් පුතාගේ වියෝව නිසා සිත් තැවුලෙන් සිටි විශ්‍රාමික ගුරුවරිය ජීවිතය ගැන ගත් තීරණය

දඹගල්ල පොලිස් වසමට අයත් සැනසුම, දඹගල්ල, මොනරාගල ලිපිනයේ පදිංචි විශ්‍රාමික ගුරුවරියක ඉකුත් 22 වැනිදා ළිඳට පැන දිවි නසාගෙන ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එගොඩවත්තේදෙර රත්නායක මුදියාන්සේලාගේ දයාවතී (73) නමැති කාන්තාවකි.

 

ඇයගේ වැඩිමහල් පුත්‍රයා මීට පෙර මියගොස් ඇති අතර ඒ හේතුවෙන් කලක සිට දැඩි සිත් වේදනාවෙන් සිට ඇත. ඒ නිසා ඇය මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් ද සිට ඇත. දඹගල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

views

207 Views

Comments

arrow-up