පස් හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා තර්ජනය කරමින් බිරිඳට වීඩියෝ යැවූ පියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

පස් හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා තර්ජනය කරමින් බිරිඳට වීඩියෝ යැවූ පියා අත්අඩංගුවට

පස් හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා තර්ජනය කරමින් බිරිඳට වීඩියෝ යැවූ පියා අත්අඩංගුවට

තම පස් හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ පුද්ගලයකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ විදේශගත වී මාස තුනක් ගත වී ඇති අතර ඇය ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස එම ක්‍රියාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇය විදේශ ගත කිරීමට පහසුකම් සැපයූ ආයතනය වෙත යවා ඇත.

 

ඔහු විසින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව අනාවරණය වීමෙන් පසු කුලියාපිටිය පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල සහිත කැළලක් ඇති බවයි.

 

පොලීසියේ දී දරුවා පියා සමඟ යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් දරුවා මවගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබේ.

 

views

276 Views

Comments

arrow-up