ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබ තීරණයක් ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබ තීරණයක් ගනී

ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබ තීරණයක් ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (23) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

 

එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඒ බව තහවුරු කළේය.

 

මේ අතර, කරුණු හතරක් පදනම් කරගෙන ජාතික ජන බලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මාර්තු 23 වන දින ‘සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

views

901 Views

Comments

arrow-up