විදෙස් ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

විදෙස් ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට

විදෙස් ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට

ඩුබායි සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

විදේශ රටවල ගුවන් තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසුව මෙලෙස මොවුන් දිවයිනට පනින ඇත.

 

ඩුබායි හි සිට දෙදෙනෙකුත්, මාලදිවයින සිට තවත් ශ්‍රී ලාංකිකයෙක් මෙරටට පැමිණි බවට තොරතුරු වාර්තා වේ.

 

ඒ අනුව තවත් ශ්‍රී ලාංකිකයින් 30දෙනෙකු ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

 

මෙලෙස දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 21ක කාලයක් නිරෝධායනය සදහා යොමු කෙරෙනු ඇති.

views

753 Views

Comments

arrow-up