කොරෝනා ආසාදනය වී මෙරටදී මියගිය සිව්වන පුද්ගලයාගේ ආගිය තොරතුරුත් එළියට

ඊයේ (02) මියගිය මෙරට සිව්වන කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. 58 හැවිරිදි මෙම පුද්ගලයා රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එමෙන්ම මොහු ඉකුත් දා ඉන්දියාවේ සංචාරය කර දිවයිනට පැමිණි අයෙකු බව ද අනාවරණ වී තිබෙනවා.
මෙම පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
ඊයේ රාති‍්‍රයේ මෙලෙස මියගියේ අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් කොරෝනා ආසාදිතයෙක්. නියුමෝනියා රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් ඔහු මියගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළේ.
ගතවූ දින 06 තුළදී පමණක් මෙරටදී කොරෝනා මරණ 04 ක් වාර්තා වී තිබෙනවා. මේවනවිට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් 151 ක්. ඉන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 126 ක්
861 Views
Comments