කසිප්පු මුදලාලිගෙන් කප්පම් ගත් බුද්ධි නිලධාරීහු හතරක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

කසිප්පු මුදලාලිගෙන් කප්පම් ගත් බුද්ධි නිලධාරීහු හතරක් මාට්ටු

කසිප්පු මුදලාලිගෙන් කප්පම් ගත් බුද්ධි නිලධාරීහු හතරක් මාට්ටු

නිට්ටඹුව මාතලානේ කසිප්පු අලෙවි කරන කාන්තාවකගෙන් කප්පම් ගත් බව කියන යුද හමුදා බුද්ධි නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පැවසුවා.

 

නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක K.O.P අබේරත්න මහතාට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් පසු මෙම බුද්ධි නිලධාරීන් සිව් දෙනා අත් අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

 

නිට්ටඹුව පොලිස් වසමේ කසිප්පු අලෙවි කරන්නන්ගේ නිවාස වලට ගොස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් දහස් ගණනින් කප්පම්ගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

කසිප්පු වැරදි සම්බන්ධයෙන් උසාවියේ නඩු පැවරීමක් නොකිරීම සඳහා යැයි කියමින් කසිප්පු අලෙවි කරන්නන්ගෙන් එසේ කප්පම් ලබා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

views

746 Views

Comments

arrow-up