පොහොර කෑන් පිපිරිමට හේතු හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

පොහොර කෑන් පිපිරිමට හේතු හෙළිවෙයි

පොහොර කෑන් පිපිරිමට හේතු හෙළිවෙයි

දියර පොහොර කෑන් පිපිරිමට හේතුව වී තිබෙන්නේ එම පොහොරවල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය බවත් දියර පොහොර ප්‍රවාහනය කිරීමේදී සහ ගබඩා කිරීමේදී වෙනස්වීම් සිදුව ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේය.

 

දියර පොහොර පිපිරීම පිළිබඳව විශේෂ විමර්ශනයක් කළ බව කී චන්දන ලොකුහේවගේ මහතා දේශීය සමාගම්වලට නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර නිෂ්පාදනය කරන ලෙස උපදෙස් දුන් බවද පැවසීය.

 

පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්මාන්තය සඳහා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන තෝරාගත් ආයතන 35ක් මඟින් කාබනික දියර පොහොර ලබා ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

 

කාබනික දියර පොහොර නිෂ්පාදන ආයතනවල නිලධාරීන් හා පොහොර ලේකම් කාර්යාලය ප්‍රධානී අතර ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව ලොකුහේවගේ මහතා එසේ පැවසීය.

views

710 Views

Comments

arrow-up