මැයි 18 සැමරුම් දිනයට සමගාමීව උතුරු පළාතේ උත්සවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

මැයි 18 සැමරුම් දිනයට සමගාමීව උතුරු පළාතේ උත්සවයක්

මැයි 18 සැමරුම් දිනයට සමගාමීව උතුරු පළාතේ උත්සවයක්

උතුරු පළාතේ දමිළ ජනතාව විසින් කිලිනොච්චිය මහජන ක්‍රීඩාංගණයේදී මැයි 18 සැමරුම් දිනයට සමගාමීව සියලු ජාතින් එකමුතු වී සිය මියගිය ඥාතීන් සිහිකිරීමේ සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.

 

සිංහල, දමිළ සහ මුස්ලිම්  ජාතීන්වලට අයත් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික ජනතාව මෙයට සහභාගි වී තිබේ. 

 

කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල පදිංචි 1,000 කට වැඩි පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගි වී තිබේ.

 

මෙහි පැමිණි සියලුම දෙනා සර්ව ආගමික වතාවත්වල නිරත වෙමින් සිය පවුල්වල මිය ගිය පුද්ගලයින් සිහිකර ඇත.

 

කිසිදු දේශපාලන පක්ෂයක නායකයින් මෙම අවස්ථාවට සහභාගි වී නොමැති බව සඳහන් වේ.

views

260 Views

Comments

arrow-up