වැරදි වැඩෙත් කර නියාමකට පහරදුන් වැඩ්ඩන්ට වැඩ වරදී

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක නියාමකවරයාට දෙහිවල දුම්රිය ස්ථානයේදී පහරදුන් සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා මුහුණු ආවරණ නොමැතිව දෙහිවල දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේදී දුම්රියටට ගොඩවීම උත්සාහ කර ඇති අතර නියාමකවරයා ඔවුන්ට විරෝධය පළකර මුහුණු ආවරණ පැළඳ දුම්රියට ඇතුල්වන ලෙස දැනුම්දී ඇත.
එයට උරණ වූ සැකකාර තරුණයින් දෙදෙනා නියාමකවරයාට පහරදී තිබේ.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් අද(14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
1054 Views
Comments