පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපති අනුර සහතිකවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපති අනුර සහතිකවෙයි

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපති අනුර සහතිකවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග ඊයේ (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 

එහිදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවටද සහතික විය.

 

මෑත කාලයේ මෙරට සිදු වූ විශාලතම ඛේදවාචකය වන පාස්කු ප්‍රහාරය කාලයේ වැලි තලාවට යටපත් වුවත්, එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

මෙරට පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

views

168 Views

Comments

arrow-up