නවාතැන් හිමිකාරිණියව අවසන් ගමන් යවා දේපළ කොල්ලකාලා - අඹුසැමි යුවල අල්ලන්න පරික්‍ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

නවාතැන් හිමිකාරිණියව අවසන් ගමන් යවා දේපළ කොල්ලකාලා - අඹුසැමි යුවල අල්ලන්න පරික්‍ෂණ

නවාතැන් හිමිකාරිණියව අවසන් ගමන් යවා දේපළ කොල්ලකාලා - අඹුසැමි යුවල අල්ලන්න පරික්‍ෂණ

වැලිවේරිය ප්‍රදේශයේ කුලියට නවාතැන්පළවල් ලබාදෙන ස්ථානයක හිමිකාරිනියකගේ හුස්ම සිරකර මරා දමා ඇගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ අටහමාරක මුදල් හා රුපියල් ලක්ෂ දහඅටක් වටිනා රන් භාණ්ඩ පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

පෙරේදා (28) සිදුව ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ වැලිවේරිය, ඇඹරලුව දකුණ පදිංචිව සිටි කන්දෙගෙදර මාගම්රාලලාගේ මංගලිකා නමැති 57 හැවිරිදි කාන්තාවකි.

 

කාමර කුලියට ලබාදෙන නිවස තුළදී මෙම අපරාධය සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

 

නිවසේ කාමරයක නවාතැන් ගෙන සිටි යුවළක් විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිසිය දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

අදාළ කාන්තාව නිවසේ සිටියදී එයට ඇතුළු වී ඇති යුවළ පොරවන රෙද්දකින් එම කාන්තාවගේ නාසය, මුඛය වැසෙන සේ මුහුණ වසා හුස්ම ගැනීමට නොහැකි වන පරිදි හිරකර මෙම මරණය සිදුකර ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.

 

ඉන්පසුව මියගිය කාන්තාව කනේ පැලඳි කරාබු යුගල් තුනෙන් දෙකක්, ගෙල හා දෑතේ පැලඳි රන් භාණ්ඩ ද මුදල් ද රැගෙන පලායන්නට උත්සාහ දරා තිබේ.

 

මේ අවස්ථාවේ එම නිවසේ කාමරයක කුලියට නවාතැන්ගෙන සිටි තවත් යුවළකගෙන් පිරිමි පුද්ගලයා පලායමින් සිටි යුවළගෙන් පිරිමි පුද්ගලයා අල්ලාගෙන තිබේ. ඔහු සමග සිටි අනෙක් කාන්තාව රන් බඩු මුදල් සමග පලාගොස් තිබේ.

 

පසුව කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයා අල්ලාගත් ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවකු පොලිසියට භාරදුන්නේය.

 

මීට අමතරව අදාළ සැකකරුව භාරදුන් පුද්ගලයාව පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

 

පලාගිය සැකකාර කාන්තාව සොයා පොලිසිය විමර්ශන අරඹා තිබේ. ගම්පහ අධිකරණ වෛi නිලධාරි ඩබ්.ආර්.ඒ.එස්. රාජපක්ෂ මහතා විසින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය.

 

මේ පිළිබඳව වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් කමල් ශාන්තප්‍රිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

views

165 Views

Comments

arrow-up