බෝකුන්දරදී දඬුමොනරේ සෙල්ලම් දැමූ තරුණයින්ට සිදු වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

බෝකුන්දරදී දඬුමොනරේ සෙල්ලම් දැමූ තරුණයින්ට සිදු වූ දේ

බෝකුන්දරදී දඬුමොනරේ සෙල්ලම් දැමූ තරුණයින්ට සිදු වූ දේ

බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ලැබුණු තොරතුරක් අනුව, එම ස්ථානය වටලා යතුරුපැදි පදවමින් සිටි තරුණයන් හතර දෙනෙකු අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

ඔවුන් පදවමින් සිටි යතුරු පැදි ද පොලිස් භාරයට ගෙන ඇති අතර, පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පලාගොස් ඇති බව ද සඳහන්වේ.

 

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් මහරගම සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19, 20 වයස් හි පසුවන්නන් වන අතර ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

241 Views

Comments

arrow-up