අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත්ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසිඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි.   සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වාවැඩි විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.50 දක්වාද වැඩි විය හැක.

 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ.

views

242 Views

Comments

arrow-up