JUL
03
දැන් තියෙන ආණ්ඩුව පෙරලන්න නාමල් බහුතරය හොයයි

පවතින ආණ්ඩුව පෙරලා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මන්ත්‍රී වාසුදේව නානායක්කාර හරහා මෙම යෝජනාව එම පක්ෂ වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී පක්ෂ නායකයන් විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර පවතින අර්බුදයට රාජපක්ෂලාද වග කිය යුතු බැවින් ඔවුන් සමඟ තවත් ආණ්ඩු කළ නොහැකි බව පක්ෂ නවයේ අදහස වී ඇත.
එමෙන්ම නාමල් රාජපක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමටද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
258 Views
Comments