මහනුවර ප්‍රධාන පෙළේ පාසලක විශාල බැම්මක් කඩාවැටී පන්ති රැසකට දැඩිහානි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක විශාල බැම්මක් කඩාවැටී පන්ති රැසකට දැඩිහානි

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක විශාල බැම්මක් කඩාවැටී පන්ති රැසකට දැඩිහානි

මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදුවී තිබේ.

 

ඊයේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුවී ඇත.

 

මේ වනවිට තවත් පන්ති 27ක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පවසයි.

 

එම පාසලේ ප්‍රාථමික අංශයේ සියලු පන්ති සහ තවත් පන්ති රැසක් මෙලෙස අවධානමට ලක්වී ඇත.

 

අද (09) රාත්‍රියේ අධික වර්ෂාවක් ඇති වුවහොත් තවත් පන්ති ගණනාවක් ආපදාවට ලක්විය හැකි බවද ආනන්ද උපතිස්ස මහතා සඳහන් කළේය.

 

පවතින අවදානම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කළ බවත් එළඹෙන සඳුදා සිට පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ උපදෙස් අනුව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

121 Views

Comments

arrow-up