හිටපු ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවසින් ලක්‍ෂ 05ක මත්කුඩු හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවසින් ලක්‍ෂ 05ක මත්කුඩු හමුවෙයි

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවසින් ලක්‍ෂ 05ක මත්කුඩු හමුවෙයි

අනුරාධපුර නගරයේ ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ බවත්, වසරක කාලයක සිට එම අයිස් තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදා හරිමින් සිටි ඔහුගේ පුත්‍රයා, ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මල්වතුඔය භාර, කුඩානෙළුබෑව, කැකිරාව සහ මැදවච්චිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් – 29ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

 

වසරක කාලයක සිට සූක්ෂ්ම ලෙස මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසිඑකක, ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙන්වා සිල්ලරට විකිණීමේ නිරතව සිටි බවත් කැකිරාව සහ මැදවච්චියේ පදිංචි පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ ගැනුම්කරුවන් බව පොලිසිය කියයි.

 

කැකිරාව, මැදවච්චිය, තඹුත්තේගම, නොච්චියාගම, එප්පාවල සහ තලාව වැනි ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණෙන අමතර පන්ති සිසුන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විවිධ වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

166 Views

Comments

arrow-up