JUL
02
ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි දිවියෙන් සමුගනී

ජනමාධ්‍ය තුළ බෙහෙවින් ප්‍රකට අදහස් පළ කරන්නෙකු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි මහතා දිවියෙන් සමුගත්තේය.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 76 කි. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සුවිශේෂ අවස්ථා කිහිපයකදී නීතීඥයෙකු ලෙස සටන් වදිමින් ඔහු යුක්තිය සාධාරණය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය.
විශේෂයෙන් ව්‍යවස්ථා සංශෝධන ආදිය නිවැරදි දිශාවට ගෙන ඒමට හා ජනතා යහපත පිණිස වෙනස් කිරීමට ඔහු නීතියෙන් සටන් කළ අයෙක් ලෙස ප්‍රකටය.
259 Views
Comments