දිස්ත්‍රික්ක කිහිපයකට වැසි තත්වයේ අඩුවීමක් - සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වේ.
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසිවාරකිහිපයක් ඇති වේ.සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (10-20) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
669 Views
Comments