දින 29කින් පසුත් කොරෝනා මළ සිරුරු වල වෛරසය සක්‍රියයි

අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණයේ දින 29ක් බහා තිබූ කොරෝනා මළ සිරුරක ජෛව සාම්පල පරීක්ෂාවකදී එම මෘත ශරීරයේ වෛරසය සක්‍රියව පවතින බව තවුරු වී තිබෙනවා.
එම කොරෝනා මළ සිරුරෙන් ලබා ගත් සාම්පල පසුගිය 9 වනදා PCR පරීක්ෂණයකට යොමු කර තිබෙනවා
එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ ඒ වන විටත් කොරෝනා වෛරසය සක්‍රීයව ඇති බවයි.
මෙම මළ සිරුර කොරෝනා නියුමෝනියාව හේතුවෙන් මියගිය 73 හැවිරිදි පුද්ගලයෙකුගේ බව සඳහන් වන අතර ඔහුගේ ඥාතීන් මෘත දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මළසිරුර රැගෙන යාමට රෝහලට නොපැමිණි බවයි වාර්තා වන්නේ.
490 Views
Comments