යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 35ක ආධාරයක්

ශී‍්‍ර ලංකාවේ අධිකරණ ක්‍ෂේත‍්‍රයට සහායවීම, ආහාර සුරක්‍ෂිතතාව වර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීම සදහා වූ වැඩපිළිවෙලට සහායදීම වෙනුවෙන් යුරෝ මිලියන 35.75 ක ආධාර මුදල් පිරිනැමීම සදහා වන ගිවිසුම් 3 ක් අත්සන් කිරීම ඊයේ සිදු කෙරුණා.
මහාභාණ්ඩගාර ලේකම් එස් ආර් ආටිගල සහ මෙරට යුරෝපා සංගම් දුත මණ්ඩල තානාපති ඩෙනිෂ් ෂයිබි එම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව අදාළ ගිවිසුම් හරහා මෙරටට පිරිනැමෙන ආධාර ප‍්‍රමාණය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් බිලියන 8.26 ක් වන බවයි කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය සදහන් කළේ.
මෙම ගිවිසුම් ති‍්‍රත්වය හරහා ලැබෙන මුදල් අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, හරිතාගාර වායුවිමෝචනය අවම කිරීම, ආහාර සුරක්‍ෂිතතාව දියුණු කිරීමට සහ උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙලට ශක්තියක් වනු ඇති බවයි මෙරට යුරෝපා සංගම් දුත මණ්ඩල සාමාජිකයා සදහන් කළේ.
632 Views
Comments